Tuesday, December 18, 2012

Parama Sathya - පරම සත්‍යය [2012-12-16]

පෘථග්ජන පුද්ගලයෙක් ප්‍රිය දෙයක ඇති 'හේතු පල ධර්මතාවය දකින්නේ නැහැ ...'ප්‍රිය දේට ඇලීම නිසා... උපාදානය කර ගැනීම නිසා ... තමන්ටම උරුම වන පල විපාක ගැන සොයා කටයුතු කරන්නේ නැහැ .........'ප්‍රිය ගතිය කියන්නේ තම ා තුලම ඇති සංසාර පුරුද්දක් ...එය විඥ්ඥාණය ඇටවූ උගුලක් ........මේ බව තේරුම් ගත නොහැකි පෘථග්ජන ලෝක සත්වයා මේ උගුලේ පැටලෙනවා ... මුලාවට පත් වෙනවා ... ප්‍රිය දේම උපාදානය කර ගන්නවා .. කැමති සේ පැවැත්වීමට හෝ නැවැත්වීමට නොහැකි වූ ලෝකයේ අනාථ බවට පත් වෙනවා .

Parama Sathya - පරම සත්‍යය [2012-12-13]

Parama Sathya - පරම සත්‍යය [2012-12-12]

Parama Sathya - පරම සත්‍යය [2012-12-11]

Thursday, November 29, 2012

2012 IL Poya (AM) - ඉල් පෝය (පෙ.ව.)

‎'දුක'සකස් වන්නේ තම චිත්ත සන්තානය තුලදීමය.ප්‍රිය බවට ඇලීමත් ,අප්‍රිය බවට ගැටීමත් හා ඒ අතර ඇතිවන මුලාව මෝහය , දුකට හේතු වෙයි ....'ප්‍රිය අප්‍රිය දෙකම උපේක්ඛා සිතින් ඉවසා විමසා දැක ,ධර්මතාවය නියම ආකාරයෙන් තේරුම් ගත් කෙනෙකු.. ධර්මතාවයට විරුද්ධව ක්‍රියා කිරීම නතර කිරීමත් සමඟම දුක සකස් වීමද නවතී .

Sunday, November 25, 2012

Parama Sathya - පරම සත්‍යය [2012-11-20]

පෘථග්ජන සිතක් කිසිම දාක , කිසිම ආකාරයකින් , මේ ලෞකිකත්වය තුලින් එකතු කරන , රැස් කරන , දේවල් වලින් තෘප්තියට පත් නොවන්නේමය ....ඒ කෙලෙස් සහිත වූ විඥ්ඥාණයෙන් ක්‍රියාත්මක වන සිතක නියත ගති ස්වභාවය නිසාමය .............

Parama Sathya - පරම සත්‍යය [2012-11-18]

යම් කෙනෙකුගේ සිතකට අරමුණු විය හැකි යම් ආකාර වූ.... ' භයක් , දුකක් , ශෝකයක් , දොම්නසක් , පරිදේවයක් , උපායාසයක් ආදී විවිධ නම් වලින් ප්‍රකාශ වන යම් දුකක් ඇද්ද......... ඒ සියල්ලම '' ප්‍රිය වස්තුන් කෙරෙහිම ඇති වූ ඇල්ම......ප්‍රිය වස්තූන් උපාදා නය කර ගැනීම.......ප්‍රිය වස්තූන් කෙරේ ඇති වූ තන්හාව... මුල් කරගෙන උපදින්නකි...... .ප්‍රිය වස්තූන් තමාගෙන් වෙන්වීමම දුක උපදවයි .........

Parama Sathya - පරම සත්‍යය [2012-11-17]

'චතු අරිය සත්‍යය අවබෝධ කරගත් අරිය උත්තමයන් වහන්සේ කෙනෙකු ' ප්‍රත්‍යවේක්ෂා නුවනින් තම අතීතය ආවර්ජනය කර බලද්දී....තමන් අතීත සංසාරයේ අතරමන් වී නොදැනුවත්කම.....අවිද්‍යාව නිසාම වින්දා වූ අති මහත් දුක් කන්දරාව දැකගන්නට ලැබෙයි.....සංසාර සාගරයේ අතරමන් වී නොදැනුවත්කම නිසාම අනන්ත අප්‍රමාන දුක් කන්දරාවක් විඳින.....විඳවන අනෙකුත් ලෝක සත්වයා කෙරෙහිද අවංක අනුකම්පාවක් ඇති වෙයි... පින් පිරූ දෙවි මිනිසුන්ටද උතුම් චතු අරිය සත්‍යය අවබෝධ කර දීමට හැකි වන්නේ නම් මේ අනන්ත වුත්......අප්‍රමාන වුත් සංසාර දුකෙන් සදහටම මිදී , ඔවුන්ටද නිදහස් විය හැකි බව දකී ......

Thursday, November 15, 2012

Parama Sathya - පරම සත්‍යය [2012-11-13]

උතුම් ලොව්තුරා බුදු පියාණන් වහන්සේලා පෙන්වා වදාළ උතුම් නිවන් මග , මිනිසුන් ලෙස උපත ලැබූ සියල්ලන්ටම පහසුවෙන් තේරුම් ගෙන අවබෝධ කරගෙන , ක්‍රියාත්මක කල හැකි එකකි ....අනන්ත සංසාරයේ සදාකාලිකවම ජාති ජරා මරණ සෝක ........ආදී වූ සියලු දුක් විඳින අසරණ ලෝක සත්වයාට සදහටම දුකින් මිදී , සාරයි කියා යන මේ සංසාර ගමන නිමා කිරීමට පෙන්වා දුන් උතුම් දහම උතුම් බුද්ධ ධර්මයයි ..............

Parama Sathya - පරම සත්‍යය [2012-11-12]

ප්‍රිය මධුර යැයි නිගමනය කල දේ තමන් කැමති සේ දිගටම නොපවතින මෙම පැවැත්මෙහි ඇලී බැඳී ගැටී ඉන් මුලා වී සිටීම මොනතරම් අනාථ තත්වයක්ද ............කැමති සේ නොපවතින දුක උරුම කර දෙන අනාථ තත්වයට පත්කරන දේ අත්හැර , නොඇලී ,නොබැඳී , නොගැටී , මුලා නොවී සිටීම ..දුකින් මිදීමට , අනාථ තත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගයයි ................

Parama Sathya - පරම සත්‍යය [2012-11-11]

බිහි වූ සියලු සංඛාරයෝ කැමති සේ නොපැවතීම තමාගේ කැමැත්ත අනුවම පවත්වාගන්නට නොහැකි වීමම දුකට හේතු වේ .......විපරිනාමය, වැහැරීම , විනාශ වීම.. හැම සංඛාරයකටම පොදු ධර්මතාවකි.......ලොව හටගත් බිහි වූ සියලුම සංඛාරයෝ නිපද වූ ශක්තිය ගෙවීයාමත් සමඟම හැම මොහොතකම විනාශය කරාම යන නිසා සදාකාලිකවම කිසිවක් අප කැමති සේ පවත්වා ගැනීමට හෝ නවත්වා ගැනීමට නොහැකිය ....මේ විශ්ව පොදු ධර්මතාවය අවබෝධ කරගත යුතු වේ ...

Tuesday, November 13, 2012

Parama Sathya - පරම සත්‍යය [2012-11-10]

සියලු සංඛාර දුක උපදවයි නම් ඉන් බිහිවන ධර්මතාවය අනාථ තත්වයකි .........අනාථයි යනු පිහිට කරගත නොහැකි , අර්ථයක් නැති , වටිනාකමක් නැති තත්වයයි ........දුක්ඛිත තත්වයට පත්වීම අනාථ බවට පත් වීමකි........... .ඒ නිසා බිහි කරන කිසිඳු 'සංඛාරයක්' කැමති සේ නොපැවතීම අනාථ තත්වයට පත් වීමකි .......හරයක් අර්ථයක් වටිනාකමක් නැති දෙයකි .........මෙය මේ '' සංසාර පැවැත්මේ'' යථා ස්වරුපය දැකීමයි ..................

Tuesday, October 23, 2012

Wednesday, September 19, 2012

ලෝක සත්වයා රාගයෙන් ,ද්වේශයෙන්, මෝහයෙන් මත් වූ අපිරිසිඳු කෙලෙස් සහිත වූ සිතකින් කටයුතු කරන හැම මොහොතක් පාසාම මේ සංසාර ගැටලුවට යලි යලිත් බැඳෙයි.....සංසාරයේ අතරමං වෙයි ....

දුගතිය වූ අපායත් , සුගතිය වූ කාමලෝකත් යන දෙකම ඇත්තේ මේ ලෞකික පැවැත්ම තුලම බවත් , ලෝකෝත්තර නිවන( නිබ්බාන ) යනු මේ සංසාරයට බැඳ තබන බැමි වලින් , කෙලෙස් වලින් මිදී නිදහස් වීම බවත් , නිදහස , පරම විමුක්තිය එය බවත් අවබෝධ කරගත යුතු වේ .........

රාගය, දේශය සහ මෝහය තුල කැරකෙමින්, කැලතෙමින්, එහිම මත්වෙමින් ගමන් කරනා මර්ගයෙහි නැවතුම...-අති ගෞරවණීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ

Thursday, September 13, 2012

Saturday, July 7, 2012

කාරුණික දැනුම් දීමයි

දුස්සීලයන්ගේ හා දුර්ජනයන්ගේ මැර තර්ජන හමුවේ... අවිහිංසාවාදය උතුම් කොට සලකමින් තාවකාලිකව ධර්මදේශනා නවතා ඇති බව පිණ්වත් ඔබ සැමට මතක් කර සිටිමු.. සියලු ලෝක සියලු සත්වයෝ.. සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර භයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර අදුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා..

Monday, June 25, 2012

ඔබ ධර්ම දේශනා කොතෙකුත් අසා ඇති... ඔබ ප්‍රසිද්ධ ධර්ම දේශනාත් අසා ඇති... ඔබ දුර්ලභ ධර්ම දේශනාත් අසා ඇති.... ඔබ අති දුර්ලභ ධර්ම දේශනාත් ශ්‍රවණය කරන්ට වාසනාවන්ත වී ඇති... ඔබේ ජීවිතයේ එකම එක් වරක් ඇසීමට පමණක් ලැබෙන අති දුර්ලභත්වයේ සීමාව පවා පැවසිය නොහැකි වූ සිරි සද්ධර්මයක් ශ්‍රවණයට අවස්ථාවක් ලැබුනේ නම්... ඔබ කෙතරම් වාසනා වන්තද? .. ගණිතයේ මූලධර්ම පිළිබද දාර්ශනික මහාචාර්ය සහ කැළණිය විශ්ව විද්‍යලයේ විද්‍ය පිඨයේ ප්‍රදානී මහාචාර්ය නලීන් ද සිල්වා මහතා විසින් ලබාගත් ඒ අති උතුම් අවස්ථාවට එක්වීමට සැදැහැති සිතින් ඔබටත් ආරාධනා....


Video streaming by Ustream

මහාචාර්ය නලීන් ද සිල්වා මහතා විසින් ලබාගත් ඒ අති උතුම් අවස්ථාව.... - 2 වන කොටස


Video streaming by Ustream

මහාචාර්ය නලීන් ද සිල්වා මහතා විසින් ලබාගත් ඒ අති උතුම් අවස්ථාව.... - 3 වන කොටස


Video streaming by Ustream

''1''සතර අපා දුකෙන් මිදී නිදහස් වීම ''.


Video streaming by Ustream

''2''සතර අපා දුකෙන් මිදී නිදහස් වීම ''.


Video streaming by Ustream

කෙලෙස් නසන මඟ ..'' 1 ''කොටස


Video streaming by Ustream

කෙලෙස් නසන මඟ ..'' 2 ''කොටස


Video streaming by Ustream

කෙලෙස් නසන මඟ ..'' 3 ''කොටස


Video streaming by Ustream

කෙලෙස් නසන මඟ ..'' 4 ''කොටස


Video streaming by Ustream